සොත්ති උපාලී

පාතාල සංස්කෘතියක් මෙරට බිහිකරනුයේ ජේ.ආර්.ජයවර්ධන ය. එය සංස්ථාපිත ආයතනයක් බවට පත් කරනුයේ රණසිංහ ප්‍රේමදාස ය.

ප්‍රේමදාසගේ ප්‍රධාන පාතාලයා වූයේ “සොත්ති උපාලී”නොහොත්
“පිඩැලි උපාලී”ය.හැබෑ නමින් “අමරගේ දොන් උපාලී”ය. උපාලීට ප්‍රේමදාස ලබා දෙන ප්‍රධාන වරය නම් “පිඩැලි ඇල්ලීම ය. ඊට අමතරව තම දේශපාලන ප්‍රතිවාදීන් “කම්බස් කර දැමීම” හා “බිය වැද්දීම” උපාලීගේ,රාජකාරියේ කොටසක් විය.

ජේ.ආර්ගෙන් පසුව ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් පැහැරගත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ප්‍රවිශ්ඨ වූයේ “මේ කවුද?මොනවද කරන්නෙ?”පෝස්ටරයක් රට පුරා ඇලවීමෙනි.මෙහිදීද උපාලීගේ සහය ලබා ගැණින.

මෙම පෝස්ටරය ට පසු ඉහත දින ඇත්ත පත්තරයේ කාටුන් ශිල්පී යූනූස්”ගේ මෙම කාටූනය ඇත්ත පත්තරයේ පල විය. ඊට පසුදා ගෝතමී පා⁣රේ යූනූස්ගේ නිවසට පැමිණි සොත්ති උපාලී යූනූස්ට තර්ජනය කර දැළිපිහියකින් කට කපන ලදී!

මොහුට එරෙහිව තිබුණු මිණී මැරීම් නඩු දුසිම් ගණනකි. විශේෂම කරුණ වන්නේ ඒ කාලයේ කිසිම පොළිසියකින් මොහුට විරුද්ධව කෙරෙන පැමිණිලි භාර නොගැනීමයි!

බොරැල්ල පොළිසියට මොහු ගිය විට,ස්ථානාධිපතිවරයා නැගිට්ටුවා එම පුටුවේ හිඳගනී!

ප්‍රේමදාස විසින් මොහු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද පත් කරන ලදී!

(ඡායාරෑපය සහ තොරතුරු ධර්මන් වික්‍රමරත්නයන්ගේ ජවිපෙ දෙවන කැරැල්ල කෘතියෙනි)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Create your website with WordPress.com
Get started
%d bloggers like this: