……අපේ නිදහස් දිනය,නිදහස් චතුරස්‍රය,වගේම ජාතික ගීයත් “ජාතික හූනියම්”බව මීට පෙර ලියා ඇත්තෙමි.
“නිදහස් දිනය”ලෙස සැළකෙන පෙබරවාරි 4 “අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබූ දිනය “ලෙස සළකනවාට වඩා”ඉංග්‍රීසීන් අපෙන් නිදහස්වූ”දිනය ලෙස සළකනු වටී!ඒ සඳහා , එම දිනයම යොදා ගෙන ඇත්තේ එදා හිටි ආණ්ඩුකාරයාගේ බිරිඳගේ උපන් දිනය එය වූ නිසාය.!
…………නිදහස් චතුරස්රයද එවැන්නකි.එය නම් කරනු ලැබ ඇත්තේ, අවසාන නිදහස් අරගලය තලා පාගා චප්ප කළ එකාගේ නමිනි.”ටොරින්ටන්”යනු,අටසිය හතළිස් අටේ නිදහස් අරගලය කෲර ලෙස මර්ධනය කළ පාළකයා ය.!
අපේ “ජාතික ගීයත්”එබඳුය.එය රචනා කළ පද රචකයා එම ගීය නිර්මාණය කිරීමේ”පාප කර්මය”නිසා නිඳි පෙති අධික මාත්‍රාවක් ගෙන,නැතහොත්,”වහ බී මැරැනේය!”ආනන්ද සමරකෝන්”සිය දිවි නසා ගත් පුවත අද අපට රහසක් නොවේ.
එසේ වුයේ දේශපාලන එදිරිවාදීකම් නිසා “ජාතික ගීයේ ගන මාත්‍රා දොස් ඇතැයිද,ඉන් පාළකයන්ට අසුබ පල ගෙනේය”යන මතිභ්රමයග් වපුරා එය විකෘති කළ හෙයිනැයි,කියැවෙි.
ඒ කෙසේ වෙතත්,අපේ ජාතික ගීය “ජාතික ගීතයක්”ලෙස අඩුලුහුඩුතා පවතී.මෙහිදී සඳහන් කළ යුතුම කරුණක් වන්නේ,ආනන්ද සමරකෝනුන් මෙය රචනා කරනුයේ “ජාතික ගීය ලියමි”යි යන අදහසක හිඳ නොව,පාසැලක විවිධ ප්‍රසංගයක විශේෂාංගයක් අරබයා ලීයූවක් හෙයිනි.
එය ජාතික ගීයට උචිත යැයි තෝරා ගනු ලබන්නේ මෙරට ඉතිහාසයේ එන දුෂ්ඨම පාළකයා වන
ජේ.ආර්.ජයවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යය වරයාව සිටියදී ඔහු විසිනි.ජේ.ආර් යනු විවෘත ආර්ථිකය,සමානුපාතික මැතිවරණ ක්‍රමය,මෙන්ම සදාකාලික අර්බුදකාරී දෙයක් වූ,1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද ගෙන ආ පුද්ගලයා වෙයි. =======================================================
මේ මහගම සේකර අපේ ජාතික ගීය ගැන දැක්වූ අදහසයි. —————————————————————–=————————————-
…එහෙත් එය සඳහන් කිරීමට මත්තෙන් තවත් යමක් සඳහන් කළ යුතුය. “ජාතික ගීයේ අඩු ලුහුඬුතා පවතින බැවින් අලුත් ජාතික ගීයක් නිර්මාණය කළ යුතු”යැයිඅදහස් කළ සිරිමා බණ්ඩාරනායක රජය, ඒ සඳහා ගී පද රචකයන්ට ආරාධනා කළේය.මෙහිදී මහගම සේකර ඉදිරිපත් කළ ගීය”රත්න දීප ජන්ම භූමි”ගීතයයි.
නමුත් මෙම අදහස ක්‍රියවේ නොයෙදුනු අතර,රජය පරිහානියට පත් වෙමින් පැවති අවසාන සමයේ නැවත මෙය ක්‍රියාවෙි යොදවන්නට අදහස් කර,මහගම සේකරයන් වෙත අගමැතිණිය විසින් නියෝජිතයන් පිරිසක් එවා,”නව ජාතික ගීයක් රචනා කරන” ලෙස ඉල්වූ වගද,එහිදී මහගමයෝ,”මම ලියන්නෑ,තමුසෙලගේ මැඩම්ට කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම තනුවක් දාලා, ඒකම ජාතික ගීයට ගන්ට!”කියලා කී බවක් අප අසා ඇත්තෙමු!
මේ ජාතික ගීය ගැන මහගම සේකර දැක්වූ අදහසය
…………………..”අපේ ජාතික ගීයේ දුර්වලකම් කීපයක් තියෙනවා. මෙය රචනා කරන සමය වන විට ආනන්ද සමරකෝන්ගේ රචනා ශක්තිය පිරිහෙමින් පැවතුන අවදිය කියලා මට හිතෙනවා……… අපේ හිත්වල අභිමානයක්,වීර හැඟීමක් ඇති කරන්නට මෙම ගීතය ශක්තිමත් නෑ. මෙය හරියට “යාඥාවක්”වගෙයි මට හැඟෙන්නෙ. මෙයට හේතුව වන්න පුළුවන් “ගුරු අකුරු”බහුල වශයෙන් යොදා ගැනීම. ගීත රචනාවක ගුරු අකුරු වැඩි වුනාම ඒක නැළවිලි ගීයක් වගේ වෙනවා. පදමාලාව බලපුවමත් මේක “ආයාචනයක්”වගේ
මුල් පද වලින් රචකයා රටේ ස්වභාව සෞන්දර්යය වර්ණනා කරනවා. ලංකාව සියලු යස ඉසුරින් පිරි ජය භූමියක්”ය කියනවා. ඊ ලඟ පද වලින් මාතාවකට වගේ ආමන්තුණය කරලා,” අපට සිරි සෙත.ගෙන දෙන්නෙ ඔබයි, අපට ආළෝකය ගෙන දෙන්නෙ ඔබයි, ඒ වගේම,,අපට ඇති ආළෝකයත්,ප්‍රාණයත් ඔබයි,කියනවා.
මෙයින් කියවෙන්නෙ ,”ලංකා මාතාව සියලු දෙයින් සම්පූර්ණ බවයි, නමුත් ඒත් එක්කම කියවෙනවා,”ඒ කිසිම දෙයක් අපට නැති”බව!
“ඔබ වෙි අප ශක්තී”යන්නෙන් අදහස් වෙන්නෙ “අපට ඒ කිසි දෙයක් නැති”බව.”අපට ඔබ හැර කිසිම ශක්තියක් නෑ!”.
“අප ජීවය ඔබවේ”යන්නෙන් කියවෙන්නෙ,”අපිට ජීවයක් නෑ”කියන එක.ඒ නිසා ලක් මාතාවට කියනවා “අපව පුබුදු කරන්න”කියලා! අපට ජීවයක් නෑ,අපි අඩපණ වෙලා ,අපට නව ජීවනයක් දෙන්න කියලා ඉල්ලා සිටින්නෙ ඒ නිසා!”නිතර අපි නිඳා වැටෙන නිසා,ජීවය නැති නිසා,ප්‍රාණය නැති නිසා “අපව අවදි කරලා ජය භූමියකට රැගෙන යන්න”කියලයි මෙයින් කියන්නෙ .
මේ වගේ පිරිසක් ජය භූමියකට ගෙනියන්ට කාටවත් බෑ.. ඇරත් මේ “ජය භූමිය “මොකක්ද? ජය භූමිය ලංකාව ලෙස මුළින් හඳුන්වනවා. දැන් කියනවා ලංකා මාතාවට “අපව ජය භූමියකටබරැගෙන යන්න” කියලා! එතකොට නැගෙන ප්‍රශ්ණය කෙහෙද ඔය දෙවැනියට කියන ජය භූමිය තියෙන්නෙ?”කියන එක.
අන්තිම පද දෙකේදි රචකයාට ලංකා මාතාව ගැන කල්පනාවක් නැතුව යනවා.! “එක මවකගේ දරු කැල බැවිනා,යමු යමු වී නොපමා”කියමින් වෙනම පිරිසක් සංවිධානය කරන්න පටන් ගන්නවා!
මේ විදිහට මේ ගීයේ තියෙන අපිළිවෙල එක දුර්වල කමක්. ලංකාව මාතාවක් විදිහට සළකලා ඈව ආමන්ත්‍රණය කරන අන්දමට ගීය ගොතනවා නම් මුළ සිට අග.දක්වා එය එසේ තිබිය යුතුයි. මුලදි ලංකාව මාතාවක් හැටියට සළකා ඈට නමස්කාර කරනවා. ඊ් ලඟට ඇය මාතාවක් නෙවෙයි ජය භූමියක්.! නැවතත් මාතාවක්!
ඊ ළඟට තමා ආමනත්රණය කරන්නෙ ලංකා මාතාවට බව අමතක.කරලා,පිරිස දිහා හැරිලා වෙනම සාකච්ඡාවක් පටන් ගන්නවා.”වාද බේද අමතක කරලා,යමු,යමු,”කියලා!
මෙතනදි අප අතර තියෙන වාද බෙිද මතක් කිරීම සුදුසු නෑ.
මේ ගීයේ තියෙන ලොකුමද දුර්වල කම තමයි,එහි ගැබ්ව ඇති අදහස.මුලින්ම පිහිට පතා කෙරෙන ආයාචනයක්. ජාතියක් වශයෙන් අපි දුර්වලයි. අපට ඇති එකම පිහිට ඔබ පමණයි.! ඒනිසා අපි ඉල්ලා හිටිනවා ලංකා මාතාවගෙන් , අපේ ඒ දුර්වල කම් මකා දමා දියුණුව කරා අප ගෙනයන හැටියට. මෙය අපේ දුර්වලකම් අපිම පිළිගැනීමක්. ජාතිය ගැන අභිමානයක් හේ වීරත්වයක් ඇති කිරීමට එසේ කීමෙන් පුළුවන් කමක් නෑ
දේශානුරාග.ගීයකදි අපට පුළුවන්,අපේ පැරණි වීරයන් කළ හපන්කම්,අපට ඇති සංස්කෘතික උරුමයන්,අපේ රටෙි ස්වභාවික සම්පත්,මුතු මැණික් වගෙ දේවල් ගැන කියන්න.
ඇත්ත වශයෙන්ම ජාතික ගීයකින් ප්‍රකාශ විය යුත්තෙ, මේ ගීයෙන් කියවෙන අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහස කියලයි මට හිතෙන්නෙ……..”
රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ-මාතෘ භූමියයි ……. මාතෘ භූමියයි
ගංගා තරංග රාව දී රිදී වනින්………………….
ී
“රත්න දීප” ගීතය නැවත අසා බලන්න හිතුනා. අලුතින් ජාතික ගීයක් හඳුන්වා දෙනවා නම් දැනට පවතින ගීයක් තෝරා ගැනීම වඩා ප්‍රායෝගික වනු ඇතැයි සිතමි.
LikeLike
මට හිතෙනවා ජාතික ගීය හැටියට සුදුසුම ගීතය සුනිල් සාන්ත මහත්තයගෙ “ලංකා ලංකා පෙම්බර ලංකා” ගීතයයි කියලා! මහගමසේකර මහත්තය ජාතික ගීයකින් බලාපොරොත්තු වෙච්ච සියළු දේවල් ඒ ගීතය තුල තියෙනවා! ඒ ගීතය අර්ථයෙන් බොහෝදුරට ජර්මානු ජාතික ගීය හා සමානයි. (අද භාවිතා කරන ජර්මානු ජාතික ගීය එහි සැබෑ ගීයේ තුන්වන කොටස පමනයි) එය මගේ අදහසක් පමණයි!
ජාතික ගීයක් නොමැති කාලයේ ඔලිම්පික් තරඟයකදී ඩන්කන් වයිට් ඇතුළු අපේ ක්‍රීඩක කන්ඩායම , අනුරාධපුර නගර වර්ණනාවක් වන “දන්නො බුදුන්ගේ” ගීය ගායනා කලබව මා අසා තියෙනවා .
LikeLike
මම කැමති “රත්න දීප “ගීතයට.
LikeLike