සේකර මියෙන්නට මෙහොතකට පෙරාතුව…

මහගම සේකරගේ විශිෂ්ඨතම නිර්මාණය වන “ප්‍රබුද්ධ” කෘතියේ පෙරවදන ලියූවේ “මහචාර්ය ජොතිය ධිරසේකර මහතා විසිනි.

එම පෙරවදන අරඹමින් එතුමා මෙසේ සඳහන් කරයි.

“මහගම සේකර සිය ජීවිතයේ අවසාන පැය කිහිපය ගත කරමින් සිටියදී ඒ බව නොදැන මට කළ ඉල්ලීමක් ආදර පූර්වකව ඉටු කරනු සඳහායි,මෙය ලියනුයේ…….

සේකර,ගුවන් විදුළියේ සේවය කරත්දී එහි වැඩ සටහනක් සඳහා ආරාධනා කරනු ලැබ,එමගින් ඇතිවූ මිත්‍රත්වය මත මෙම ආරාධනාව කෙරුනුවග මහාචාර්ය වරයා අනතුරුව සඳහන් කරයි.සේකරගේ ජීවිතයේ අවසාන පැය කිහිපය ගැන සඳහන් කරන්නේ මෙ⁣ලෙසිනි.

…………..මහගමගේ ජීවිතයේ අවසාන දිනය වූ ඒ බදාදා දවස දහවල් එකට පමණ ඔහු තනිවම මා හමුවීමට ආ නමුත්,ඔහු පැමිණියේ අප එක්කෙනෙකුගේවත් ආරාධනයක් නොමැතිව ඔහුගේ අතේ ම එල්ලී එන අමුත්තෙකු සමඟ බව අප අතර කිසිවෙකු දැන නොසිටියේ ය. මහගමගේ “නොමියෙමි”යන කෘතියේ බසින්ම කියත හොත්,ඔහු ආයේ “මරණී”සමගය.

එදා ඔහු අප සමඟ ගත කළ කාලය පැය තුනකි.ඔහුට කියන්නට බොහෝ දේ මට තිබුණේය.මහගමගේ විවිධ වූ කලා⁣ කෞෂල්‍යයත් විචිත්‍ර වූ කලා රසිකත්වයත් ගැන සළකා බලන විට,කලා ක්⁣ෂේත්‍රයේ ඔහුට විශ්ව විද්‍යාල පීඨයක්වත් නො ලැබීම ගැන මා පුදුමවන බව කී විට ඔහු මුවින් නො බැණ නිරහංකාර ලීලාවෙන් ඉවත බලා ගත් සැටි අපට මතකය.

එහෙත් අප සමඟ ගත කළ ඒ පැය කිහිපය අවසන් වෙමින් තිබූ තම ජීවිත කතාවේ පරිශිෂ්ඨය වන බව ඔහු නොදත්තේ ය.

ඔහුගේ ඒ නවතම ප්‍රබන්ධයේ විවේචනාත්මක.තියුණු කමත්, අදහස් වල ඇති අර්ථවත් බවත්,ගැන මම ඔහුට ප්‍රශංසා කළෙමි. ආරාධනයක් නැතිව වුවත් මහගම සමඟ ආ ඒ අමුත්තා සැඟවී සිටිමින් අපගේ මෙබස් අසා උපහාසයෙන් නොයෙක් වර මහගම දෙසත් මා දෙසත් බලන්නට ඇත.

එනමුත්,අවංක වූ අදහස් හුවමාරුවකින් සැදුම්ලත් අපේ කථා සල්ලාපයේ සොඳුරු බව බිඳකින් වත් අඩු නොවීය.කවීත්වයෙන් පිරි අවංක ,පරාර්ථකාමී ගත් කතුවරයෙකුගේ චරිතයේ විවිධ වූ ප්‍රියංකර ලක්ෂණ විදහා පෑ ඒ ජවනිකාවේ අවසාන තිරය වැටෙන්නට පෙර,එසේ නම් මගේ මෙි ප්‍රබන්ධයට පෙරවදන ඔබම ලියන්නැ,යි මහගම මගෙන් ඉල්ලා සිටියේ ය.

3 thoughts on “සේකර මියෙන්නට මෙහොතකට පෙරාතුව…

  1. අද කවි කිවිඳියන් වැහි වැහැලාය. මුහුණු පොතේ ද සිය දහස් ගණනකි. මහගම සේකර කෙනකු නැවත හමුවනතුරු බලා සිටිමි.

    Like

  2. මරණී හිඳී සැමදෙන සුරතේ වෙළිලා
    ඒ බව දන්නෙ නෑ සමහරු රැවටීලා
    සදා අමර වෙන්න දුවති හිටු කියලා;
    තමන් මනුසතෙකු බව අමතක කරලා!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Create your website at WordPress.com
Get started
%d bloggers like this: